බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර, එය ඉදිරි පැය 24 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (22) අලුයම නිකුත් කළ නිවේදනයට අනුව එම පද්ධතියෙන් ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් නොමැති වුවද, එය වෙත ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකිය.
උතුරු-මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, ඌව පළාතේ මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු-මැද සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද සඳහන් කර තිබේ.
මේ අතර පීඩන අවපාතයේ බලපෑම හේතුවෙන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වැසි සහ සුළං තත්ත්වය වැඩිවිය හැකි බැවින්, උතුරු අක්ෂාංශ 5ත් 22ත් සහ නැගෙනහිර දේශාංශ 85ත් 100ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම් දී ඇත.
එම මුහුදු ප්‍රදේශවල මේ වනවිටත් ධීවර කටයුතුවල නිරත පිරිස් සිටී නම්, එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී තිබේ.
දිවයින වටා මුහුදු ප්රදේශවලද විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, සාමාන්‍ය සුළං වේගය පැයට කිලෝමීටර් 30-40ක් පමණ වේ. කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින්විට පැයට කිලෝමීටර් 55-60 දක්වා ඉහළ යා හැකිය.
එම මුහුදු ප්‍රදේශ විටින්විට රළු විය හැකි අතර, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0-2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බැවින්, ධීවර හා නාවික ප්‍රජාව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරි නිවේදන පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.
පීඩන අවපාතය පැය 24ක් තුළ ගැඹුරු පීඩන අවපාතයක් වීමේ අවදානමක්

