අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල ගණන් සංශෝධනය කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 399කි.
එමෙන්ම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කර ඇති අතර, නව මිල රුපියල් 475ක් වේ.
කෙසේ වෙතත්, ඩීසල් සහ භූමිතෙල් මිල ගණන්වල කිසිදු සංශෝධනයක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
පෙට්‍රල් මිල රුපියල් 20කින් පහළට

