Homeසියලුම පුවත්බංග්ලාදේශ ආරක්ෂක උපදේශක සහ නාවික හමුදාපති අතර හමුවක්

බංග්ලාදේශ ආරක්ෂක උපදේශක සහ නාවික හමුදාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු M Moniruzzaman මහතා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා අතර නිල හමුවක් අද (10) නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

නාවික හමුදාපති ධුරයේ වැඩ භාරගැනීම වෙනුවෙන් කොමදෝරු M Moniruzzaman මහතා මෙහිදී නාවික හමුදාපතිවරයා වෙත සිය සුභාශිංසන පළ කර තිබේ.

අනතුරුව සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව ඇතුළු දෙරටට වැදගත් ද්විපාර්ශ්වික කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සුහද සාකච්ඡාවක් පැවැත්වී ඇත.

මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාපතිවරයා සහ කොමදෝරු M Moniruzzaman මහතා අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments