Homeසියලුම පුවත්බැසිල්ට අයත් බව කියන බ්‍රවුන්ස් හිල් ඉඩම භාවිතය අත්හිටුවීමට අධිකරණ නියෝගයක්

බැසිල්ට අයත් බව කියන බ්‍රවුන්ස් හිල් ඉඩම භාවිතය අත්හිටුවීමට අධිකරණ නියෝගයක්

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ ඉඩම භාවිතය අත්හිටුවීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අද (06) පස්වරුවේ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

අදාළ ඉඩම උපයාගත් ආකාරය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර නොමැති බවට විමර්ශන අංශය අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව ඉඩම භාවිතය දින 14ක කාලයක් සඳහා අත්හිටුවීමට නියෝග කර ඇති අතර, එම කාලය තුළ දේපළ සම්බන්ධයෙන් හිමිකම් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී තිබේ.

අදාළ නඩුව මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.

RELATED ARTICLES

Most Popular

Recent Comments