පවුල් ආරවුලක් හේතුවෙන් බිරිඳගේ හිසට පොරවෙන් පහර දී තුවාල සිදුකළ සැමියෙකු නුවරඑළිය පොලීසියට භාරවී තිබේ.
බරපතළ තුවාල ලැබූ කාන්තාව ප්රදේශවාසීන් විසින් නුවරඑළිය දිස්ත්රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඇය මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ බොරලන්ද විනයාගපුරම් ප්රදේශයේ පදිංචි 43 හැවිරිදි චිත්රා දේවි නමැති කාන්තාවකි.
සිද්ධිය සම්බන්ධයෙන් 32 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු නුවරඑළිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. મૃત සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්රික් මහ රෝහලේ තැන්පත් කර තිබේ.
බිරිඳට පොරවෙන් පහර දී සැමියා පොලීසියට භාරවෙයි

