ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුදමය නොසන්සුන්තාව උත්සන්න වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් වේගයෙන් ඉහළ යමින් පවතී.
ඒ අනුව අද (11) උදෑසන වනවිට ලෝක වෙළෙඳපොළේ ප්‍රධාන තෙල් සලකුණක් වන බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 108 සීමාවද ඉක්මවා ගොස් තිබේ.
පසුගිය ජූලි 24 වැනිදායින් පසු ඉකුත් 9 වැනිදා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව පසුකළ අතර, එතැන් සිට තෙල් මිල අඛණ්ඩව ඉහළ යමින් පවතී.
බ්‍රෙන්ට් තෙල් මිල ඉහළ යාමට සමගාමීව අමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොරතෙල් බැරලයක මිලද ඩොලර් 103.34 දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම මර්බන් (Murban) වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 122.48ක් ලෙස සටහන් වී තිබේ.

