Homeසියලුම පුවත්භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 සිද්ධිය අද මුදල් කාරක සභාව හමුවට

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 සිද්ධිය අද මුදල් කාරක සභාව හමුවට

අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් භාණ්ඩාගාරයෙන් තෙවන පාර්ශවයක් වෙත යොමු කළ බව කියන සිද්ධිය අද (08) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානයට ලක්වීමට නියමිතය.
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන මෙම කාරක සභාවේදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් භාණ්ඩාගාරය සකස් කළ වාර්තාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කෙරෙනු ඇත.
ඒ සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියපෙරුම මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද කැඳවා ඇති බව වාර්තා වේ.
මෙම සිද්ධියට අදාළ වාර්තාව මහා භාණ්ඩාගාරයෙන් කැඳවා තිබූ අතර, එය මේ වන විට පාර්ලිමේන්තුව වෙත යොමු කර ඇති බවද සඳහන් වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments