Homeසියලුම පුවත්මට්ටක්කුලිය අනතුරේ රියදුරු අත්අඩංගුවට - ගංජා භාවිත කර ඇති බවට හෙළිවෙයි

මට්ටක්කුලිය අනතුරේ රියදුරු අත්අඩංගුවට – ගංජා භාවිත කර ඇති බවට හෙළිවෙයි

මට්ටක්කුලිය, ෆර්ගියුෂන් හන්දිය ප්‍රදේශයේදී අනතුරක් සිදුකළ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු ගංජා භාවිත කර සිට ඇති බවටද අනාවරණය වී තිබේ.

වත්තල දෙස සිට අධික වේගයෙන් පැමිණි මෝටර් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව ත්‍රීරෝද රථ දෙකක සහ යතුරුපැදි දෙකක ගැටීමෙන් මෙම අනතුර ඊයේ (16) රාත්‍රියේ සිදුව ඇත.

අනතුරින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබූ අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී ඉන් තිදෙනෙකු මියගොස් තිබේ.

මියගිය පුද්ගලයින් ග්‍රෑන්ඩ්පාස් සහ මට්ටක්කුලිය ප්‍රදේශවල පදිංචි අවුරුදු 44 සහ 64 වයස්වල පසුවූවන් බව සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments