රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අද (08) පාර්ලිමේන්තු සංකීර්ණයේදී එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
එහිදී, මහ භාණ්ඩාගාරය විසින් තෙවන පාර්ශ්වයක් වෙත ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තා පිළිබඳව සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියපෙරුම මහතාට සහ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාටද කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇත.
මෙම සිදුවීම පිළිබඳව මුදල් පිළිබඳ කාරක සභාව මහා භාණ්ඩාගාරයෙන් වාර්තාවක් කැඳවා තිබූ අතර, එම වාර්තාව පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ බවද වාර්තා වේ.
මහවැසි මැද රැස්වූ මුදල් කාරක සභාව

