Homeසියලුම පුවත්මාතර ගොවීන් 5,000කට වන්දි ගෙවීම හෙට

මාතර ගොවීන් 5,000කට වන්දි ගෙවීම හෙට

නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් වගා කටයුතු අහිමි වූ මාතර දිස්ත්‍රික්කයේ ගොවීන් 5,000කට වන්දි මුදල් ගෙවීම හෙට (27) ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
2019 වසරේ සිට ඇතිවූ ජල ගැලීම් හේතුවෙන් වගා කිරීමට නොහැකි වූ ඉඩම් වෙනුවෙන් 2019 සිට 2022 දක්වා වගා කන්න 07කට අදාළ වන්දි ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව, 2026 අයවැය මගින් රුපියල් මිලියන 1,200ක මුදලක් වෙන් කර ඇති අතර, අක්කර 12,800ක වගා බිම් සඳහා මෙම වන්දි ගෙවීම් සිදු කිරීමට නියමිතය.
වන්දි ගෙවීමේ සමාරම්භක අවස්ථාව හෙට මාතර මාලිම්බඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, එහිදී ගොවීන් 250 දෙනෙකුට සංකේතාත්මකව වන්දි ප්‍රදානය කෙරේ.
සෙසු වන්දිලාභී ගොවීන්ටද ඉදිරි දින 14 ඇතුළත අදාළ මුදල් ලබාදීමට කටයුතු කරන බව සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments