Monday, January 26, 2026
Homeදේශපාලනමාර්ගගත පනතට සංශෝධනය කිහිපයක්

මාර්ගගත පනතට සංශෝධනය කිහිපයක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට සංශෝධනය කිහිපයක් සිදුකිරීමට රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

එම සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ දී ඉදිරිපත් කිරීමට නියමිත බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සම් අද විභාගයට ගත් අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකළේය.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පෙත්සම් 50 ක් පමණ ඉදිරිපත් වී තිබෙන බව විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා විවෘත අධිකරණයේ සදහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments