Homeසියලුම පුවත්මැයි දිනයට විශේෂ පොලිස් ආරක්ෂාවක්

මැයි දිනයට විශේෂ පොලිස් ආරක්ෂාවක්

ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් කොළඹ ඇතුළු දිවයින පුරා පැවැත්වෙන මැයි දින පෙළපාලි හා රැස්වීම් සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව පොලීසිය පවසයි.
බස්නාහිර පළාත් රථවාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ සේනාධීර මහතා සඳහන් කළේ, රථවාහන හා ආරක්ෂක සැලැස්ම සම්පූර්ණයෙන් සකස් කර ඇති බවයි.
බුද්ධි තොරතුරු මත පදනම්ව ආරක්ෂක තක්සේරු සිදු කර ඇති අතර, ඒ අනුව පොලිස් සහ බුද්ධි නිලධාරීන් රාජකාරි සඳහා යොදවා තිබේ.
මැයි දින රැලි සහ රැස්වීම්වලට සහභාගී වන ජනතාවට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට සියලු පළාත් මට්ටමින් සැලසුම් සකස් කර ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments