Homeසියලුම පුවත්වැඩ තහනම් වූ භාණ්ඩාගාර නිලධාරියාගේ මරණයේ නව තොරතුරු

වැඩ තහනම් වූ භාණ්ඩාගාර නිලධාරියාගේ මරණයේ නව තොරතුරු

ඩොලර් මිලියන 2.5 අස්ථානගතවීමේ සිද්ධියට සම්බන්ධව වැඩ තහනමට ලක්ව සිටි භාණ්ඩාගාර නිලධාරියෙකු වූ රංග රාජපක්ෂ මහතාගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් නව තොරතුරු අනාවරණය වී තිබේ.
කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ ගෙවත්ත තුළ වැටී සිටියදී සොයාගෙන ඇති අතර, එම ස්ථානය අසල ලේ පැල්ලම් සහ කැපුම් තුවාල කිහිපයක්ද පොලීසිය විසින් නිරීක්ෂණය කර ඇත.
එමෙන්ම සිද්ධි ස්ථානය අසල කුඩා ප්‍රමාණයේ පිහියක්ද සොයාගෙන ඇති අතර, මෙම මරණය ඝාතනයක්ද නැතහොත් සියදිවි හානියක්ද යන්න පිළිබඳව මේ වනවිට විමර්ශන පැවැත්වේ.
පොලීසිය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයද සිදුකර ඇති බවයි.
මීට අමතරව, මෙම නිලධාරියා මුදල් අස්ථානගතවීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කිහිප වතාවක් කැඳවා විමර්ශන සඳහා සහාය ලබාදී ඇති අතර, ඔහුගේ පරිගණකයද පරීක්ෂණ සඳහා භාරයට ගෙන තිබූ බව වාර්තා වේ.
පළමු ව්‍යාජ ඊමේල් පණිවුඩයට ප්‍රතිචාර දැක්වීම හරහා මුදල් වෙනත් ගිණුමකට යාමට මූලික හේතුව වී ඇත්තේ ඔහුගේ නොසැලකිල්ල බවටද විමර්ශනවලදී හෙළිවී ඇත.
කෙසේවෙතත්, ඔහු දූෂිත නිලධාරියෙකු නොවන බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නොතිබූ බවද සඳහන් වේ.
වැඩ තහනමට ලක්වීමෙන් පසුව ඔහු සිත්තැවුලෙන් සිටි බවද වාර්තා වන අතර, මෙම මරණය විමර්ශනවලට දැඩි බලපෑමක් ඇති කර ඇති බව පොලීසිය පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments