Homeසියලුම පුවත්මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 25 දක්වා ඉහළට

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 25 දක්වා ඉහළට

මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
මියගිය පිරිස අතර බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනෙකු සහ රැඳවියන් සිව්දෙනෙකු ද සිටින බව වාර්තා වේ. එමෙන්ම මෙම ගැටුම හේතුවෙන් තවත් පුද්ගලයින් 100කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ.
අද පෙරවරුවේ බන්ධනාගාරය තුළ යළිත් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර, රැඳවියන් ප්‍රධාන දොරටුව ඔස්සේ පිටතට පැමිණීමට උත්සාහ කිරීමත් සමඟ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තිබුණි.
සිද්ධිය අතරතුර බන්ධනාගාරය තුළින් වෙඩි හඬ කිහිපයක් ඇසුණු බවද වාර්තා වන අතර, උදෑසන 10.00ට පමණ ආරම්භ වූ මෙම උණුසුම් තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ දැඩි මෙහෙයුමක් දියත් කර තිබේ.
අනතුරුව ආරක්ෂක අංශ බන්ධනාගාරය තුළට ඇතුළු වී තත්ත්වය පාලනය කිරීමට පියවර ගත් අතර, වෙඩි හඬ යළිත් ඇසීමත් සමඟ රැඳවියන්ගේ ඥාතීන් බන්ධනාගාර පරිශ්‍රය ඉදිරිපිට විරෝධතාවක්ද ආරම්භ කළ බව වාර්තා වෙයි.
පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ශ්‍රී ලංකා යුද හමුදාව සහ ගුවන් හමුදාව ඇතුළු ආරක්ෂක අංශ රැසක් එම ස්ථානයට යොදවා ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments