Homeසියලුම පුවත්මුහුදු ප්‍රදේශ කිහිපයකට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

මුහුදු ප්‍රදේශ කිහිපයකට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50–60 දක්වා ඉහළ යා හැකි අතර, මුහුදද රළු විය හැකි බව සඳහන්.
එමෙන්ම හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල රළ මීටර් 2.0 සිට 2.5 දක්වා උස යාමේ අවදානමක් පවතින බව දැනුම්දී තිබෙනවා.
මේ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාව විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත්, ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments