කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු යාත්‍රා කිරීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා ඉහළ යා හැකි අතර, ඒ හේතුවෙන් මුහුද ඉතා රළු තත්ත්වයට පත්විය හැකි බව සඳහන් වේ.
මේ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාවට අදාළ මුහුදු ප්‍රදේශවලට යාත්‍රා නොකරන ලෙස බලධාරීන් දැනුම්දී ඇත.
එමෙන්ම, ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා සහ කල්පිටිය සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවලද සුළං වේගය පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා ඉහළ යා හැකි අතර, එම මුහුදු ප්‍රදේශද විටින් විට රළු විය හැකි බව අනතුරු අඟවා තිබේ.
තවද, මන්නාරම සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2ත් 2.5ත් අතර උසකට වර්ධනය වීමේ අවදානමක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මුහුද රළු වෙයි – ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ අනතුරු ඇඟවීමක්

