කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (08) උදෑසන 10.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (09) උදෑසන 10.30 දක්වා බලපැවැත්වෙන බවද සඳහන් වේ.
එම ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා ඉහළ යා හැකි අතර මුහුද ඉතා රළු තත්ත්වයක පවතින බවට අනතුරු අඟවා ඇත.
මේ හේතුවෙන් අදාළ මුහුදු කලාපයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දී තිබේ.
රළු මුහුදට රතු අනතුරු ඇඟවීමක් නිකුත් කරයි

