Homeසියලුම පුවත්රුපියල් මිලියන 36ක කේරළ ගංජා තොගයක් යාපනයෙන් සොයාගැනේ

රුපියල් මිලියන 36ක කේරළ ගංජා තොගයක් යාපනයෙන් සොයාගැනේ

යාපනයේ ඇන්ටනිපුරම් ප්‍රදේශයේදී කිලෝග්‍රෑම් 220ක බරකින් යුතු කේරළ ගංජා පාර්සල් 102ක් ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ.
ලද බුද්ධි තොරතුරක් මත යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අද (07) සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බව වාර්තා වෙයි.
යුද හමුදාව සඳහන් කළේ, අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 36කට ආසන්න වන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පලාලි පොලිසිය විසින් සිදුකරනු ලබයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments