Homeසියලුම පුවත්රුපියලේ ශක්තිමත්භාවය සහ ඉන්ධන සහනාධාරය ගැන IMF අදහස් දක්වයි

රුපියලේ ශක්තිමත්භාවය සහ ඉන්ධන සහනාධාරය ගැන IMF අදහස් දක්වයි

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ පස්වන සහ හයවන සමාලෝචන සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය හිමිව ඇති අතර, ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතය.
IMF මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා පැවසුවේ, ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය හා විනිමය ප්‍රතිපත්ති ස්ථාවරත්වය සහ උද්ධමනය පාලනය කිරීම සඳහා නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන බවයි.
රුපියලේ විනිමය අනුපාතය වැඩි නම්‍යශීලීතාවක් පෙන්නුම් කරන බවත්, එය විදේශ සංචිත යළි ගොඩනැංවීමට දායක වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම, රුපියල් බිලියන 100ක ඉන්ධන සහනාධාර පැකේජය තාවකාලික එකක් බවත්, එය ලබන සැප්තැම්බර් මාසය වන විට අවසන් වීමට නියමිත බවත් IMF පාර්ශවය පෙන්වා දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments