හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි 3.5ක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බැංකුවේ සහකාර කළමනාකරු සහ ආරක්ෂක නිලධාරියාගේ නිවාස පරීක්ෂා කිරීම සඳහා අධිකරණය සෝදිසි වරෙන්තු නිකුත් කර තිබේ.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම කොල්ලය සැලසුම් සහගතව සිදුකළ බවට සැක පළවන අතර, මුදල් කොල්ලකෑමක් සිදුවූ බවට රංගනයක් ද නිර්මාණය කර ඇති බවයි.
එමෙන්ම සැකකරුවන් දෙදෙනාගේ දුරකතන විශ්ලේෂණ වාර්තා ලබාගැනීමට ද අධිකරණය අවසර ලබාදී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සහකාර කළමනාකරු සහ ආරක්ෂක නිලධාරියා මේ වනවිට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය භාරයේ රඳවා සිටින අතර, වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
රු. කෝටි 3.5 කොල්ලය:සහකාර කළමනාකරුගේ සහ ආරක්ෂක නිලධාරියාගේ නිවාස පරීක්ෂාවට වරෙන්තු

