Homeසියලුම පුවත්ලංකාවේ ආහාර අනාරක්ෂිතතාව තවත් මිලියන 1.3කින් ඉහළට

ලංකාවේ ආහාර අනාරක්ෂිතතාව තවත් මිලියන 1.3කින් ඉහළට

මැදපෙරදිග ගැටුම්වල ආර්ථික බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට අපහසු ජනතාවගේ සංඛ්‍යාව තවත් මිලියන 1.3කින් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) පවසයි.
නවතම විශ්ලේෂණ වාර්තාවකට අනුව, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය සහ සෝමාලියාව යන රටවල් මෙම අර්බුදයෙන් දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති අතර, ඉන්ධන හා ආහාර මිල ඉහළ යාම ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇත.
වාර්තාවට අනුව සෝමාලියාවේ ආහාර අනාරක්ෂිත ජනගහනය මිලියන 2.5කින් ද, ඇෆ්ගනිස්තානයේ එම සංඛ්‍යාව මිලියන 2.3කින් ද ඉහළ ගොස් තිබේ.
ලෝක ආහාර වැඩසටහනේ වැඩබලන විධායක අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ, දුප්පත් රටවල ජනතාවගේ ආදායමෙන් වැඩි කොටසක් ආහාර සඳහා වැය වන බැවින් ආහාර මිල ඉහළ යාම ඔවුන්ට දැඩි බලපෑමක් එල්ල කරන බවයි.
ඉදිරි මාස කිහිපය තුළ ආහාර හා ඉන්ධන මිල ඉහළ යාම සහ වෙළෙඳ කටයුතු අඩාල වීම හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර විය හැකි බවද WFP අනතුරු අඟවා තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments