විදුලිබල, ඉන්ධන, ගෑස්, රෝහල්, ප්‍රවාහන සහ ජල සැපයුම් ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පැවරී ඇති බලතල අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර, දිට්වා සුළිකුණාටුවෙන් පසු ඇතිවූ ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇති බව සඳහන් වෙයි.
ඒ අනුව විදුලිබල සැපයුම්, ඉන්ධන හා ගෑස් බෙදාහැරීම, රෝහල් සේවා, මගී හා භාණ්ඩ ප්‍රවාහන සේවා, ජල සැපයුම්, ආහාර හා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීම, ගිලන්රථ සේවා, රාජ්‍ය බැංකු, දුරකථන හා මාධ්‍ය සේවා ඇතුළු ක්ෂේත්‍ර රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර ඇත.
විදුලිබල ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට්ටුවක්

