Homeසියලුම පුවත්විදුලි බිල වැඩිවෙයිද? මන්ත්‍රීවරයෙකුගෙන් අනතුරු ඇඟවීමක්

විදුලි බිල වැඩිවෙයිද? මන්ත්‍රීවරයෙකුගෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි කාලයේදී අපේක්ෂිත පරිදි වර්ෂාපතනයක් නොලැබුණහොත් විදුලි ගාස්තු ඉහළ යාමේ අවදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසයි.
දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, රජය විදුලි ගාස්තු තුනෙන් එකකින් අඩු කරන බවට ප්‍රකාශ කළද, මේ වනවිට පෙර පැවති මට්ටමට සාපේක්ෂව ගාස්තු සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.
පසුගිය කාලයේ ලැබුණු වර්ෂාපතනය හේතුවෙන් ජල විදුලි උත්පාදනයෙන් යම් සහනයක් ලබාගැනීමට හැකි වූ බවත්, දහවල් කාලයේ සූර්ය බලශක්තිය භාවිතයෙන් විදුලි පද්ධතිය ස්ථාවර කරගැනීමට හැකි වූ බවත් ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම, ගල් අඟුරු සම්බන්ධයෙන් ඇතිවූ පාඩු ඉදිරි විදුලි ගාස්තු සංශෝධනයකදී පාරිභෝගිකයන් මත පැටවීමට හෝ රජය විසින් බදු මුදල් හරහා පියවීමට සිදුවිය හැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඉදිරියේදී ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබුණහොත් විදුලි ගාස්තු ඉහළ දැමීමට සිදුවිය හැකි බවත්, එවැනි තත්ත්වයක් ජනතාවට මෙන්ම එළඹෙන සංචාරක සමයේදී සංචාරක කර්මාන්තයටද දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවත් ඩී.වී. චානක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments