Homeසියලුම පුවත්විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමෙන් ඒකාධිපති පාලනයකට උත්සාහ කරනවා - සජිත්

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමෙන් ඒකාධිපති පාලනයකට උත්සාහ කරනවා – සජිත්

වර්තමාන රජය රටේ ජනතාව මුහුණ දෙන සැබෑ ගැටලු විසඳීම වෙනුවට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට කටයුතු කරමින් ඒකාධිපති පාලනයක් ස්ථාපිත කිරීමට උත්සාහ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි බලපෑමක් එල්ල කරන අතර, එමගින් ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය දුර්වල විය හැකි බවද ඔහු සඳහන් කළේය.

කිරින්ද ධීවර වරාය ආශ්‍රිත ධීවර ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳ සොයා බැලීමට ගිය අවස්ථාවේදී විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේය.

රජය ජනතාව මත පවතින ආර්ථික පීඩනය අඩු කරන බවට පොරොන්දු ලබාදී තිබුණද, බදු බර වැඩිවීම, රැකියා අවස්ථා සීමාවීම සහ කර්මාන්ත රටින් ඉවත්වීම වැනි ගැටලු තවදුරටත් පවතින බවද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම ජනතාවගේ ජීවන වියදම් සහ ආර්ථික දුෂ්කරතා සම්බන්ධයෙන් රජය ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන බවටද ඔහු චෝදනා කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments