හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගිය 12 වනදා පැවති රැළියකදී සිදුකළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.
එම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය ලබාදී ඇති බව වාර්තා වේ.
එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ සංයුක්ත තැටියක් අධිකරණයට ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා එම ඉල්ලීම සිදුකර තිබේ.
ඒ අනුව අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

