Homeසියලුම පුවත්වෙට්ටුමකඩ ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු කොටු

වෙට්ටුමකඩ ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු කොටු

කළුතර වෙට්ටුමකඩ පල්ලිය පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදුන් බව කියන තවත් සැකකරුවෙකු වැලිපැන්න, වලගෙදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
කළුතර අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනයකදී අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ සැකකරු මතුගම, කළුතර, තිස්සමහාරාම, වලස්මුල්ල සහ මොරවක මහේස්ත්‍රාත් අධිකරණ මගින් වරෙන්තු නිකුත් කර ඇති පුද්ගලයෙකු බවයි.
ඉකුත් මැයි 28 වනදා වෙට්ටුමකඩ ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවෙකු විසින් යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments