සෞදි අරාබියේ රියාද් සහ දමාම් නගර වෙත ක්රියාත්මක සියලුම ගුවන් ගමන් නොවැම්බර් 1 වැනිදා දක්වා අත්හිටුවීමට ශ්රීලන්කන් ගුවන් සේවය තීරණය කර තිබේ.මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව එම ගුවන් සේවය නිවේදනය කර ඇත.මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව ප්රමුඛතාවය ලෙස සලකන බවත්, වාණිජ ගුවන් ගමන් සඳහා සුදුසු ආරක්ෂිත තත්ත්වයක් පවතින බව තහවුරු කිරීමෙන් පසු ගුවන් ගමන් යළි ආරම්භ කරන බවත් ශ්රීලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.ගුවන් ගමන් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා ශ්රී ලංකාව තුළ සිටින මගීන්ට 1979 අංකයත්, විදේශයන්හි සිටින මගීන්ට +94 11 777 1979 අංකයත් ඇමතිය හැකිය. WhatsApp ඔස්සේ +94 74 444 1979 අංකයට පණිවිඩයක් යොමු කිරීමෙන්ද තොරතුරු ලබාගත හැකිය.

