2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් ඇතුළත නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය පවසයි.
අද (10) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඇය සඳහන් කළේ විභාගයේ ඇගයීම් කටයුතු අගෝස්තු 20 සිට 25 දක්වා සිදුකිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.
මෙවර ශිෂ්‍යත්ව විභාගය ඊයේ (09) දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්විණි.
ඒ සඳහා සිසුන් 294,089 දෙනෙකු පෙනී සිට ඇති අතර, සිංහල මාධ්‍යයෙන් සිසුන් 220,366 දෙනෙකු සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 73,723 දෙනෙකු විභාගයට පෙනී සිට තිබේ.
ඒ අනුව, ප්‍රතිඵල මාසයක් ඇතුළත නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

