ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයා මධ්‍යම අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට (CID) උපදෙස් ලබාදී තිබේ.
ඒ අනුව, අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, සාගර කාරියවසම් මහතා ඉදිරි දිනකදී ප්‍රකාශයක් ලබාගැනීම සඳහා CID වෙත කැඳවීමට නියමිත බව වාර්තා වෙයි.
පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සාගර කාරියවසම් මහතා වත්මන් රජය සහ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් විවේචනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකර තිබූ අතර, එම ප්‍රකාශ පදනම් කරගෙන මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බව සඳහන් වෙයි.

