Homeසියලුම පුවත්සුරේෂ් සලේ” සිද්ධිය – බිරිඳගේ කඳුළු පිරි ප්‍රකාශය

සුරේෂ් සලේ” සිද්ධිය – බිරිඳගේ කඳුළු පිරි ප්‍රකාශය

හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මහතාගේ බිරිඳ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය හමුවේ දැඩි හැඟීම්බර ප්‍රකාශයක් සිදුකර තිබේ.
ඇය සඳහන් කර ඇත්තේ, තම සැමියා වසර 38ක් පුරා රට වෙනුවෙන් සේවය කළ බවත්, ඔහුට එරෙහිව සිදුවන ක්‍රියාමාර්ග අසාධාරණ බවත්ය. එමෙන්ම ඔහු වත්මන් තත්ත්වය තුළ මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බවද ඇය කියා සිටියාය.
තවද, ඔහුට අමානුෂික ලෙස සැලකීමක් සිදුව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සහ මානුෂීය සැලකිල්ලක් අවශ්‍ය බවත් ඇය අවධාරණය කළාය.
ඇය වැඩිදුරටත් ඉල්ලා සිටියේ, සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔහු රෝහලකට හෝ සුදුසු ස්ථානයකට ගෙන යාමට කඩිනමින් පියවර ගන්නා ලෙසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments