ලොව පුරා මුස්ලිම් බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන හජ් උත්සවය අදට (28) යෙදී තිබේ.
ඉස්ලාමීය දින දර්ශනය අනුව දුල් හජ් මස දසවැනි දිනයේදී මෙම උත්සවය පැවැත්වෙන අතර, ඉස්ලාම් ධර්මයේ ප්‍රධාන වගකීම් පහෙන් අවසන් වගකීම ලෙස හජ් වන්දනාව සැලකෙයි.
සමානාත්මතාව, සහෝදරත්වය සහ එකමුතුකම ප්‍රවර්ධනය කිරීම හජ් උත්සවයේ මූලික අරමුණ වන අතර, මක්කම හි පැවැත්වෙන හජ් වන්දනාව එහි උත්කර්ෂවත් අවස්ථාව ලෙස සැලකේ.
මේ අතර, හජ් උත්සවය වෙනුවෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
විශේෂ යාඥා පැවැත්වෙන මුස්ලිම් පල්ලි සහ ඒ අවට ප්‍රදේශ ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති අතර, රථවාහන තදබදය අවම කිරීම සඳහාද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.
එමෙන්ම, හජ් උත්සවය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා අද විශේෂ අවස්ථාවක් ලබාදී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
හජ් උත්සවය අදයි – දිවයින පුරා විශේෂ ආරක්ෂාවක්

