Homeසියලුම පුවත්හෝමාගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පැය 24ක ජල කප්පාදුවක්

හෝමාගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පැය 24ක ජල කප්පාදුවක්

පාදුක්ක, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය සහ පැලැන්වත්ත යන ප්‍රදේශවලට අද (24) රාත්‍රී 8.00 සිට හෙට (25) රාත්‍රී 8.00 දක්වා පැය 24ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබේ.
එමෙන්ම මහරගම ප්‍රදේශයට එම කාලය තුළ අඩු පීඩනය යටතේ ජලය සැපයෙන බවද සඳහන් වේ.
කලටුවාව සිට බොරලැස්ගමුව දක්වා දිවෙන ප්‍රධාන ජල සැපයුම් නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments