Homeසියලුම පුවත්📌 අද දිවයිනේ ගංවතුර අවදානමක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

📌 අද දිවයිනේ ගංවතුර අවදානමක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

දිවයිනට බලපා තිබූ වර්ෂාපතනය අඩුවීමත් සමඟ අද වනවිට කිසිදු ප්‍රදේශයක ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කළුගඟ සහ මහවැලි ගංගාවල ඉහළ ධ්‍රෝණි ප්‍රදේශවලින් වාර්තා වී ඇති අතර, එය මිලිමීටර් 20කට ආසන්න බව සඳහන් වේ.

ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල මෙන්ම බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලද ඊයේ වැසි ලැබී තිබුණද, එම ප්‍රදේශවල වර්ෂාපතනය මිලිමීටර් 10ට අඩු මට්ටමක පැවති බව වාර්තා වේ.

වර්ෂාපතනය අඩුවීම හේතුවෙන් ගංගාවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ යාමක් මේ වනවිට දක්නට නොලැබෙන අතර, ගංවතුර අවදානම් තත්ත්වයක්ද නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව තහවුරු කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments