යුක්‍රේනයේ කියෙව් නගරය ඉලක්ක කර රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර, යුක්‍රේනයට එල්ල කරන බැලැස්ටික් මිසයිල ප්‍රහාර තවදුරටත් වැඩි කිරීමට රුසියාව කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

