Homeසියලුම පුවත්2025 සා.පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද සිට බලන්න පුළුවන්

2025 සා.පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද සිට බලන්න පුළුවන්

2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (26) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළේ, එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකි බවය.

ප්‍රතිඵල සම්බන්ධයෙන් විමසීම් සඳහා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ ‘1911’ ක්ෂණික ඇමතුම් අංකය ඇමතිය හැකිය.

එමෙන්ම 0112 784208, 0112 784537 සහ 0112 785922 යන දුරකථන අංක ඔස්සේද තොරතුරු ලබාගත හැකිය.

2025 වසරේ සාමාන්‍ය පෙළ විභාගය මෙම වසරේ පෙබරවාරි 17 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්විණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments