ඉදිරි මාස කිහිපය තුළ ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් වර්ධනය විය හැකි බවට එක්සත් ජාතීන්ගේ කාලගුණ විද්‍යා ඒජන්සිය අනාවැකි පළ කර තිබේ.
මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් සාගරයේ මුහුදු මතුපිට උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වන අතර, එය මාස 9ත් 12ත් අතර කාලයක් පවතින ස්වභාවික කාලගුණික සංසිද්ධියක් ලෙස සැලකේ.
ජූනි සිට අගෝස්තු දක්වා ලෝකයේ බොහෝ ප්‍රදේශවල සාමාන්‍යයට වඩා ඉහළ උෂ්ණත්වයක් වාර්තා විය හැකි අතර, එල්නිනෝ තත්ත්වය නොවැම්බර් දක්වා පවතිනු ඇති බවටද පුරෝකථනය කර ඇත.
මෙම තත්ත්වය හේතුවෙන් දකුණු අමෙරිකාව, එක්සත් ජනපදය, අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශ සහ මධ්‍යම ආසියාවට වැඩි වර්ෂාපතනයක් ලැබිය හැකි අතර, ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව සහ දකුණු ආසියාවේ ඇතැම් ප්‍රදේශවල නියඟ තත්ත්වයන් ද ඇති විය හැකි බව සඳහන් වේ.
ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පෙන්වා දෙන්නේ මෙය දශකයකට පසු ඇතිවිය හැකි ප්‍රබලම එල්නිනෝ තත්ත්වය විය හැකි බවයි. කෙසේවෙතත්, එහි තීව්‍රතාවය සම්බන්ධයෙන් මේ වන විටත් නිශ්චිත නිගමනයකට එළඹීමට නොහැකි බවද එම සංවිධානය සඳහන් කර තිබේ
2026දී ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

