2026 වසර සඳහා රජයේ සහ රජයේ අනුමත පාසල්වල සිසුන්ට මෙන්ම පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ සීල මාතාවන් ඇතුළු සිසුන්ට අවශ්‍ය සමස්ත නිල ඇඳුම් රෙදි ප්‍රමාණය චීන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස ලබාදීම සම්පූර්ණ කර ඇති බව නිල වශයෙන් දැනුම් දී තිබේ.
අද (22) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති උත්සවයකදී, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා අතර එම ප්‍රදානයට අදාළ සහතික හුවමාරුව සිදු වී ඇත.
එහිදී, 2026 වසර සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් සම්පූර්ණ කිරීමට රෙදි මීටර් මිලියන 11.484ක් ලබා දී අවසන් කර ඇති අතර, එමගින් සිසුන් මිලියන 4.4කට වැඩි පිරිසක් ප්‍රතිලාභ ලබන බව සඳහන් වේ.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ, මෙම ප්‍රදානය දෙරට අතර පවතින ශක්තිමත් සහයෝගීතාවයේ වැදගත් සලකුණක් බවත්, එය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සමානාත්මතාවය වැඩිදියුණු කිරීමට දායක වන බවත්ය.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සඳහන් කළේ, පාසල් නිල ඇඳුම් ලබාදීමේ වැඩසටහන වසර කිහිපයක් තිස්සේ අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනත් වැඩසටහන් හරහාද ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බවත්ය.
2026 පාසල් නිල ඇඳුම් රෙදි සමස්තය චීනයෙන් ප්‍රදානය කරයි

