2027 අයවැය යෝජනාවලිය තුළ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය ක්ෂේත්රය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව අධ්‍යයනය කර විශ්ලේෂණය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් විශේෂ කමිටුවක් පත් කර තිබේ.එම කමිටුවේ වාර්තාව සමාලෝචනය කර ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සංගමයේ මධ්‍යම කාරක සභාව ලබන 19 වැනිදා රැස්වීමට තීරණය කර ඇත.අද (13) පැවති විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.ජනාධිපතිවරයා අයවැය කතාවේදී ප්‍රකාශ කළ කරුණු සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මීට පෙර ඉදිරිපත් කළ යෝජනා අතර යම් පරස්පරතා පවතින බවද එහිදී නිරීක්ෂණය වී තිබේ.කෙසේ වෙතත්, පත් කළ කමිටුවේ වාර්තාවට අනුව සෞඛ්‍ය ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් වෛද්‍යවරුන් රට තුළ රැඳී සිටීමට දිරිගැන්වීම සඳහා තිරසාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉදිරි පියවර තීරණය කිරීමට නියමිත බව සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

