Homeසියලුම පුවත්2027 අයවැය නොවැම්බර් 12දා පාර්ලිමේන්තුවට

2027 අයවැය නොවැම්බර් 12දා පාර්ලිමේන්තුවට

2027 වසර සඳහා වන අයවැය කතාව නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළාය. 0

ඒ අනුව 2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම ඔක්තෝබර් 07 වැනිදා සිදුකිරීමට නියමිතය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය 25 වැනිදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී අයවැය කටයුතු සඳහා අදාළ දින අනුමත කර තිබේ.

මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 12 වැනිදා විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් අයවැය කථාව ඉදිරිපත් කිරීමට නියමිතය.

අනතුරුව නොවැම්බර් 13 සිට 20 දක්වා දින හතක් දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වෙන අතර, එහි ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.

කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා දින 19ක් පැවැත්වීමට නියමිත අතර, තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතව තිබේ.

අයවැය විවාදය පැවැත්වෙන කාලසීමාව තුළ රජයේ නිවාඩු සහ ඉරිදා දින හැර සෙනසුරාදා දිනවලද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

දෙවැනිවර කියවීමේ විවාදයේදී ආණ්ඩු පක්ෂයට 60%ක් සහ විපක්ෂයට 40%ක් ලෙසත්, කාරක සභා අවස්ථාවේ විවාදයේදී ආණ්ඩු පක්ෂයට 40%ක් සහ විපක්ෂයට 60%ක් ලෙසත් කාලය වෙන් කිරීමට තීරණය කර තිබේ.
“`1

RELATED ARTICLES

Most Popular

Recent Comments