Homeසියලුම පුවත්2027 අයවැය නොවැම්බර් 12 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

2027 අයවැය නොවැම්බර් 12 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

2027 වර්ෂය සඳහා වන අයවැය යෝජනා ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම, එනම් අයවැය කථාව, නොවැම්බර් 12 වනදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, විසර්ජන පනත් කෙටුම්පත සැප්තැම්බර් 18 වනදා ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, එහි පළමු වර කියවීම ඔක්තෝබර් 7 වනදා සිදු කෙරෙනු ඇත.

අමාත්‍යාංශ අනුව වෙන් කරන ලද වියදම් ඇස්තමේන්තු ඇතුළත් කෙටුම්පත සැප්තැම්බර් 14 වනදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටද සැලසුම් කර තිබේ.

නොවැම්බර් 13 සිට 20 දක්වා අයවැයේ දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙන අතර, ඉන් අනතුරුව කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 වනදා ආරම්භ වී දෙසැම්බර් 14 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments