Homeසියලුම පුවත්2027 අයවැය දෙවනවර කියවීමේ විවාදයේ දෙවන දිනය අද – පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

2027 අයවැය දෙවනවර කියවීමේ විවාදයේ දෙවන දිනය අද – පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

අද (14) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබේ.ජාතික ජන බලවේග රජයේ තෙවන අයවැය වන 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.ඒ අනුව අයවැය දෙවනවර කියවීමේ විවාදය ඊයේ (13) ආරම්භ වූ අතර, අද එහි දෙවන දිනයයි.දෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් 20 වැනිදා දක්වා දින 7ක් පැවැත්වීමට නියමිත අතර, ඊට අදාළ ඡන්ද විමසීම එදින පස්වරු 6.00ට පැවැත්වේ.අනතුරුව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් තෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක් පැවැත්වීමට සැලසුම් කර ඇත.2027 අයවැය පිළිබඳ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දිනද ඇතුළුව සෑම දිනකම පෙරවරු 9.30ට අයවැය විවාදය සඳහා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments