Homeසියලුම පුවත්27 වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ඇරඹේ

27 වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ඇරඹේ

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (25) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ වේ.

27 වන වරට පැවැත්වෙන මෙවර පොත් ප්‍රදර්ශනය දින 10ක් පුරා පැවැත්වෙන අතර, ඔක්තෝබර් 4 වැනිදා දක්වා සෑම දිනකම පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා ජනතාවට විවෘතව පවතී.

ප්‍රදර්ශනයේදී දේශීය මෙන්ම විදේශීය පොත්පත් විශේෂ වට්ටම් යටතේ මිලදී ගැනීමට පාඨකයින්ට අවස්ථාව හිමි වේ.

මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා ටී.වී. දෙරණ නිල මාධ්‍ය අනුග්‍රහය ලබාදෙයි.

මේ අතර, පොත් ප්‍රදර්ශනයට පැමිණෙන පාඨක ජනතාවගෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා ඉල්ලා සිටින්නේ ප්‍රදර්ශන භූමියට පොලිතින් රැගෙන ඒමෙන් වළකින ලෙසය.

RELATED ARTICLES

Most Popular

Recent Comments