2025 වර්ෂයේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මත 2026 වර්ෂයේ 6 ශ්‍රේණියට පාසල් ඇතුළත් කිරීමේ දෙවන වට අභියාචනා හෙට (08) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත.
අභියාචනා 2026 මැයි 08 සිට මැයි 29 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කළ හැකිය. පාසල් 3ක් දක්වා අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව පවතින අතර, නිල වෙබ් අඩවි හරහා සෘජුවම අයදුම් කළ හැකි බවද සඳහන් වේ.
නියමිත කාලසීමාව තුළ පමණක් අභියාචනා භාරගන්නා බැවින් දෙමාපියන් හා භාරකරුවන් කාලය තුළ ඉල්ලීම් යොමු කරන ලෙස අමාත්‍යාංශය දැනුම් දී තිබේ.
5 ශ්‍රේණි ශිෂ්‍යත්ව අභියාචනා හෙට සිට ආරම්භ වේ

