ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට සහ ඊසානදිග ප්‍රදේශ කිහිපයකට අද (05) අලුයම ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.
ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය (NCS) පවසන්නේ මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 5.1ක ප්‍රබලත්වයක් දැක්වූ බවයි.
එය අද අලුයම 4.17ට පමණ සිදුව ඇති අතර, භූ කම්පනයේ කේන්ද්‍රය ඇසෑම් ප්‍රාන්තයේ මොරීගාඕන් (Morigaon) දිස්ත්‍රික්කය අසල වාර්තා වී ඇත.
මධ්‍යම ඇසෑම්හි මොරීගාඕන් සහ එයට අවට දිස්ත්‍රික්කවල මෙම භූ කම්පනය දැඩි ලෙස දැනී ඇති බව සඳහන් වේ.
කෙසේවෙතත්, මේ වන තෙක් කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් වාර්තා වී නොමැති බව එරට බලධාරීන් දැනුම් දී ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, ඇසෑම් ඇතුළු ඊසානදිග ඉන්දියාව රටේ වඩාත්ම සංවේදී භූ කම්පන කලාපයක් වන Seismic Zone Vට අයත් වේ.

