Homeසියලුම පුවත්බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් විවෘත වරෙන්තුවක්

බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් විවෘත වරෙන්තුවක්

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බව වාර්තා වේ.බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම පියවර ගෙන තිබේ.එම දේපළ අත්පත් කරගත් ආකාරය හෙළි කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.මීට පෙර ද අදාළ දේපළ සම්බන්ධයෙන් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබූ බව වැඩිදුරටත් වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments