පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ලාෆ් ගෑස් සැපයුමේ ඇතිවූ ගැටලු හේතුවෙන් ලිට්රෝ ගෑස් සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති බවද ඔහු පැවසීය.ඒ අනුව, මෙට්රික් ටොන් 3,000ක ගෑස් තොගයක් රැගත් නෞකාවක් මේ වන විට මෙරටට පැමිණ ඇති අතර, එහි ගෑස් ගොඩබෑමේ කටයුතු සිදුකරමින් පවතින බව අමාත්යවරයා සඳහන් කළේය.තවද, ඔක්තෝබර් 31 වැනිදා මෙට්රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් තවත් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේය.

