Saturday, March 7, 2026
Homeදේශීයඉරාන නාවික කාර්ය මණ්ඩලය යළි භාර නොදෙන ලෙසට අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම්?

ඉරාන නාවික කාර්ය මණ්ඩලය යළි භාර නොදෙන ලෙසට අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම්?

ඉරාන නෞකාවක සිටි කාර්ය මණ්ඩලය නැවත ඉරානයට යළි භාර නොදෙන ලෙසට කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ, යුද නෞකාවක් වන IRIS Dena ගිලී යාමෙන් පසු බේරාගත් ඉරාන නාවිකයන් නැවත ඉරානයට යොමු නොකරන ලෙස අමෙරිකාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇති බවය.

අමෙරිකානු අභ්‍යන්තර රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත් සේවය වාර්තා කර ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ රඳවා සිටින එම නාවිකයන් ප්‍රචාරක අරමුණු සඳහා යොදා ගැනීමට ඉරානය ගන්නා ඕනෑම උත්සාහයක් අවම කළ යුතු බවට අමෙරිකාව අවධාරණය කර ඇති බවයි.

බදාදා (04) ගාල්ලෙන් නාවික සැතපුම් 19ක් පමණ දුරින් ඉන්දියානු සාගරයේදී IRIS Dena යුද නෞකාව ගිලී ගොස් තිබේ.

එම අනතුරෙන් නාවිකයන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ජීවතුන් අතර සිටි 32 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය මත ගොඩබිමට රැගෙන එනු ලැබීය.

අනතුරුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments