මැදපෙරදිග යුද්ධ තත්ත්වය හමුවේ ගෝලීය තෙල් සැපයුමට ඇති අවදානමක් නිසා, රුසියාවෙන් දින 30ක කාලයක් සඳහා ඉන්දියාවට තෙල් මිලදී ගැනීමට අවසර ලබා දී ඇති බව United States Department of Commerce පසුගියදා නිවේදනය කළේය.
යුක්‍රේන යුද්ධය නිසා බොහෝ රටවල් රුසියානු තෙල් මිලදී ගැනීම නවතා දැමූ අතර, චීනය සහ ඉන්දියාව මෙම අවස්ථාව සඳහා ඉදිරිපත් වූ රටවල් විය.
ඒ අනුව, රුසියාවෙන් ලෝක වෙළඳපොළ මිලට වඩා අඩු වට්ටම් සහිතව ඉන්දියාවට තෙල් සැපයුම් සිදු විය. ගෝලීය සැපයුම අඩු වූ මෙම තත්ත්වය හමුවේ රුසියානු තෙල් ඉල්ලුම වැඩි වී තිබේ.
එහෙත්, ඉන්දියාව නැවතත් රුසියානු තෙල් මිලදී ගැනීම වැඩි කළ නමුත් පෙර ලබාදුන් වට්ටම් රුසියාවෙන් ප්‍රතික්ෂේප වී ඇති බවද වාර්තා වේ. චීනයත් රුසියානු තෙල් සඳහා තරග කිරීමේ බලපෑමක් ද ඇති බව සඳහන් වේ.
ඉන්දියාවට රුසියානු තෙල් මිලදී ගැනීමට විශේෂ අවසර

