ජනවාරි 16 වැනිදා ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල සිදු කළ සිද්ධියට සම්බන්ධ තවත් වෙඩික්කරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව, සැකකරු උඩවලව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25ක් වන කොළඹගෙආර, උඩවලව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.
මෙම වෙඩි තැබීමට සම්බන්ධව තවත් වෙඩික්කරුවෙකු මාර්තු 03 වැනිදාද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් සිදුකරනු ලබයි.
ජින්තුපිටියේ ඝාතනයට තවත් වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

