Saturday, April 11, 2026
Homeසියලුම පුවත්මාක් සකර්බර්ග් ලොස් ඇන්ජලීස් අධිකරණයට සාක්ෂි ලබා දෙයි

මාක් සකර්බර්ග් ලොස් ඇන්ජලීස් අධිකරණයට සාක්ෂි ලබා දෙයි

Meta සමාගමේ නිර්මාතෘ, Facebook සහ Instagram හි නිර්මාතෘ මාක් සකර්බර්ග්, අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නා.
නඩුව, සමාජ මාධ්‍ය භාවිතයෙන් වයසක අඩු දරුවන්ට ඇති මානසික හානිය පිළිබඳව ය. නඩුව පවරා ඇත්තේ 20 හැවිරිදි අමෙරිකානු තරුණියක් විසිනි.
නඩුවේ චෝදනා අනුව, Meta සහ Google (YouTube) සමාගම්, දරුවන් ඇබ්බැහි කරගන්න Apps නිර්මාණය කර ඇති බවයි.
මාක් සකර්බර්ග් පවසන්නේ, වයස අවුරුදු 13ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතයට අවසර නොමැති වුවද, ඔවුන් අසත්‍ය තොරතුරු භාවිත කර ගිණුම් තනාගෙන ඇති බවයි.
මෙය ජූරි සභාව ඉදිරියේ සමාජ මාධ්‍ය බලපෑම් පිළිබඳ සාක්ෂි ලබාදුන් පළමු අවස්ථාවයි.
ඉදිරියේදී Instagram ප්‍රධානී ඇඩම් මොසේරි සහ YouTube ප්‍රධාන විධායක නිලධාරී නීල් මෝහන් අධිකරණයට සාක්ෂි ලබා දීමට නියමිතය.
TikTok සහ SnapChat නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර ඇත.
මෙම වසරේ අමෙරිකාවේ නීතිපතිවරුන් 40කට ආසන්නය, දරුවන්ගේ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවලට එරෙහි නඩු පැවරීමට සූදානම් ව සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments